Twitter

Friday, February 19, 2016

යුස්ඩ් මොබයිල් මිලදී ගැනීමේදී සැලකිව යුතු කරුණු

                යුස්ඩ් මොබයිල් මිලදී ගැනීමේදී සැලකිව යුතු කරුණු .

 

 අද මන් දෙන්නම් කට්ටියට හොද වැදගත් පොස්ට් එකක් . ඒ කිව්වේ නම හොද යුස්ඩ් ෆෝන් එකක් ගන්නේ කොහොමද කියලා ???? අපි ඇත්තටම කොහොමද යුස්ඩ් ෆෝන් එකක් ගන්නේ හොද . අපි සාමාන්‍යයෙන් මේවා ගන්නේ ikman.lk එකෙන් , ෆේස්බුක් එකෙන් , අපේ යාලුවන්ගෙන් තමා. මොබයිල් ෆෝන් විකුණන ගෘප් වල ඇති වෙන්න තිනවා ෆේස්බුක් එකේ . අපි මේවා ෆෝන් + කෑෂ් / ෆෝන් වලට ෆෝන් එක්ස්චේන්ජ් . නැත්නම් තනිකරම කෑෂ්  ඔය වගේ ක්‍රම වලට තමා මේ මන් කිව්වා තැන් වලින් ෆෝන් ගන්න වෙන්නේ . අපි ඇත්තටම කොහොමද හොද ෆෝන් එකක් තෝරාගන්නේ .
සාමාන්‍යයෙන් අපි එක්ස්චේජ් එකක් කරනකොට අපිට ඒ කෙනා ට කොහෙට හරි එන්න කියනවා . නැත්නම් අපි ගෙන්නගන්නවා . ඔය වගේ සින් වෙනවනේ . ෆෝන් එකක් මාරු කරන පැත්තෙන් ගත්තොත් අපිට ෆෝන් එක වැඩි කාලයක් හම්බෙන්නේ නෑ චෙක් කරන්න . ඒ කිව්වේ දවසම ෆෝන් එක චෙක් කර කර ඉන්න බැනේ . පටාර් ගාලා චෙක් කරා . හොද නම් මාරු කරගත්තා . ගෙදර ආවා .





අපි දැන් ඕන කරන තැනට ආවා . අපි සාමාන්‍යයෙන් බ්‍රන්දඩ් ෆෝන් ගන්නවා . නොන් බ්‍රන්දඩ් ෆෝන් ගන්නවා . එහෙමනේ ?? මොක උනත් අපේ මුලික අරමුණ තමා දෙන දේට වටිනාමක් ලැබෙන දෙයක් ගන්න එක .

අපිට ෆෝන් එකම එක අඩු කාලයකින් චෙක් කරන්න ටෙස්ටින් කෝඩ් යොදාගන්න පුළුවන් . ඒවා හරිම ලේසි . ඒ කිව්වේ පහසුවෙන් මතක තියා ගන්න පුළුවන් . අපිට කරන්න තින්නේ ඒ කෝඩ් එක කි පැඩ් එකේ හරියට ගහන්න විතරයි .

ටෙස්ටින් කෝඩ් සාමාන්‍යයෙන් එන්නේ බ්‍රන්දඩ් ෆෝන් වලට තමා . ඒ කිව්වේ SONY , SAMSUNG , HTC , LG වගේ එව්වට . මන් අනිත් ෆෝන් වලට කෝඩ් තිනවද කියලා නම් බැලුවේ නෑ . ඒ කිව්වේ ඩයලොග් ෆෝන් ,  සිගෝ . ස්කයිවෙගා වගේ එව්වට

හැබැයි LG වලට මට නම් පොදු කෝඩ් එකක් නම් හම්බුනේ නෑ

දැන් නම් ගොඩක් අය කරන්නේ එමි චෙක් කරන එක තමා .
  • මෙයට වඩා හාත්පසින්ම ක්‍රමයක් තමා ඇපල් වලට තින්නේ 
  • ලුමියා වලට නම් මුකුත්ම කෝඩ් නම් නෑ 


දැන් බලමු සැම්සුන් කෝඩ් සෙට් එක

මේවා එනිකොල් වලටත් වැඩ කරනවා

  • *#0*# >> මේ පලවෙනි එක 
  • *#7353#  >> දෙවැනි එක 
මෙන්න මේ වගේ මෙනු එකකට තමා යන්නේ . එතනින් ඕන එක ක්ලික් කරලා ටෙස්ට් කරලා බලන්න පුලුවන් අපිට 
දැන් යමු SONY වලට 
  • *#*#7378423#*#* >> මේ වගේ එකකට යන්නේ 

ඕකෙත් අර වගේ එකෙන් එක චෙක් කරන්න 
දැන් යමු HTC > කොලිටි බ්‍රිලියන්ට් :v 

  • *#*#3424#*#*

එකින් එක ක්ලික් කරලා බලන්න
දැන් බලන්න හදන්නේ ඊළගට ඉතින් කව්රුත් දන්නා LG


3845#*ModelNumber#  කියන තැනට ඔයාගේ LG Phone එකේ Model Number එක දෙන්න.. 

උදා: 

LG P970 ---> 3845#*970# 
LG G2 D801 ---> 3845#*801#

ඔන්න ඔය විදියට තමා LG වල බලන්නේ

දැන් බලන්න යන්නේ මයික්රෝමැක්ස්

  • *#*#3646633#*#* >> ඔන්න එහෙනම් එකත් 


ඇපල් චෙක් කරන්න අපිට වෙන්නේ එමි එක ගහලා තමා . එමි එක ගහන්නේ වෙබ් සයිට් එකක . අපිට එකෙන් ඇපල ගැන හොද විස්තරයක් බලාගන්න පුළුවන් . ෆැක්ටරි අන්ලොක් ද ? ලොක් ද ? මෙමරි එක කොච්චරද ?? ඔය වගේ ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්

ඇපල් විතරක්ම නෙමෙයි android චෙක් කරන්න පුළුවන් එමි නම්බර් එක ගහලා

තමන්ගේ එමි නම්බර් එක බලන්නේ >> *#06#



මේකේ ඔයාලා ගන්න හදන ෆෝන් එකේ එමි නම්බර් එක ගහලා ෆෝන් එක විස්තර බලන්න .

ටෙස්ටින් කෝඩ් ගුගල් සච් එකක් දාලා ගන්නත් පුළුවන් . තමන්ගේ බ්‍රන්දඩ් එකට අදාල ටෙස්ටින් කෝඩ් එක හොයාගන්න නෙට් එක පීරලා හරි

ටෙස්ටින් කෝඩ් ඇත්තෙම නැත්නම් අපිට කරන්න වෙන්නේ . ඩිස්ප්ලේ එකේ හැම තැනකම ටච් වෙනවද බලන්න පුළුවන් , සව්න්ඩ් බලන්න පුළුවන් . ෆෝන් එක ඔෆ් කරලා ඔන් කරලා බලන්න පුළුවන් . ඔය වගේ එව්වා තමා . හැමෝටම තමන්ගේ කියලා ෆෝන් චෙක් කරන ක්‍රමයක් තිනවා . එව්වා හරියට කරලා බලන්න


  • දැන් මාකට් එකේ කොරියන් කියලා ෆේක්  S4 / S3 මිනි වැහි වැහැලා . මයික්රෝමැක්ස් එකක් ගත්තත් කමක් නෑ . ඕවා නම් ගන්න එපා. 
  • තව දෙයක් ෆෝන් එක ගන්නකොට බැටරි එක ගලවලා බැටරි එක ඉදිමිලා නැද්ද කියලා හොදට බලන්න . එක ගත්ත ගාන තේරෙනවා බැටරි එක අතට , නැත්නම් සමතලා තැනක තියලා බැටරි එක කරකවන්න වෙනවා . :) 
  • තව දෙයක් අපි ෆුල් සෙට් විත් බොක්ස් ගන්න මොබයිල් එකක සැම විටම ෆෝන් එකේ එමි නම්බර් එකට බොක්ස් එකේ එමි නම්බර් එක සමාන වෙනවද බලන්න 
  • ටෙස්ටින් කෝඩ් වලින් වෙන්නේ නම් මුළු ෆෝන් එකම චෙක් කරන්න පුළුවන් . මයික් ස්පිකර් කැමරා සෙන්සර් ටච් එක බැක් කැමෙරා . ඔය පොඩ්ඩයි කිව්වේ . මුළු ෆෝන් එක චෙක් කරන්න පුළුවන් . අව්ලකට තින්නේ අපිට මේවයින් හාඩ්වෙයා චෙක් නම් බෑ 
  • තව දෙයක් ෆෝන් එක අරන් සිග්නල් එහෙම හොදට වැඩද බලන්න . ඒ කිව්වේ 3G only / 2G only වගේ දාලා බලන්න / හැන්ද්ෆ්රි එක ගහලා සින්දුවක් ප්ලේ කරලා බලන්න . චිප් එකක් ගහලා බලන්න 
  • ඕවා තමා මුලික ඉතින් . දැන් හිතයි මෙච්චර දෙයක් කරන්න දවසක් විතර යයි කියලා . මේ ඔක්කොම කරන්නේ වැඩිම උනොත් විනාඩි 20 ක් යයි . 


ඔයාලා දන්නා කියන කෝඩ් / ක්‍රම තිනවාන්ම් අපිවත් දැනුවත් කරන්න අමතක කරන්න එපා .

 

0 comments:

Post a Comment