Twitter

Wednesday, February 17, 2016

ඕනම ඇප් එකක් මොඩ් කරමු

          ඕනම ඇප් එකක් මොඩ් කරමු 

 

   ඔයාල දැකල ඇතිනෙ ඔය විදියට මොඩ් කරපු ඇප් ඕන තරම් ඕවා හොය හොය ඉල්ල ඉල්ල එක එක්කෙනාගෙ පස්සෙන් ගිහිනුත් ඇතිනෙ අද ඉඳන් ඒ ඔක්කොම නතර කරල පටන් ගමු අපිට ඕන ඇප් අපිම මොඩ කරගන්න.හ්ම් බය වෙන්න කාරි නෑ මේ කටත් pc /laptop ඕන නෑ ඇන්ඩ්‍රොයිඩ් එකෙන්ම වැඩේ දෙතෑකි.ඉතින් මේකට ප්‍රදාන වශයෙන් ඇප් දෙකක් ඕන වෙනවා.එකක් filemanager app එකකුයි තව ඇප් එකකුයි.පහලින් ඒ දෙක බාගන්නකෝ


 **fx file manager free download *** (දැනටමත් තියේනම් මේක නොගත්තට අව්ලක් නෑ හොඳේ.es file explore එකෙනුත් පුලුවන්)

***zipsigner free download ***

රයිට් මම උදාහරණයක් විදියට තොරගන්නෙ helakuru/හෙලකුරු ඇප් එක .
දැන් ,
*ඩවුන්ලෝඩ කල ඇප් දෙක පෝන් එකට install කරගෙන ඔයා මොඩ් කරන්න යන ඇප් එකේ apk ෆයිල් එක වෙනම ෆෝල්ඩරයක් තුලට දාගන්න
* අපි ඩවුන්ලෝඩ් කරගත්ත filemanager ඇප් එකෙන් එඩිට් කරගන්න හදන ඇප් එක තියෙන ෆෝල්ඩර් එකට යන්න.
* . එතන තියෙන අපි Edit කරන App එක Long Touch කරල More > Extract ගිහින් අළුත් Folder එකකට Extract කරගන්න.(පහල පොටෝ එක බලන්න)

*දැන් ඒ Extract කරපු Files තියෙන අළුත් Folder එකට යන්න. ඒකෙ ඇති "res" කියල Folder එකක්. ඔන්න ඕකෙ තමයි Images එහෙම තියෙන්නේ. ඒවා අපිට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්

*Helakuru එකේ  res Folder එකේ තියෙනවා "drawable-hdpi" කියල Folder එකක්. ඒකෙ තියෙන Images 2ක් තමයි මම වෙනස් කරන්නේ.  ( වැඩි දෙයක් නෙවෙයි Image 2ක් Replace කරා.)[පහල රූප දෙක බලන්න]



*** මතක තියගන්න Images Replace කරන්නයි ඕන. ඒනිසා හරියට Rename කරන්න. එවගේම තමයි අපි Replace කරන Image එකේ Resolution කලින් එකට සමාන වෙන්න ඕන. Image Format එකත් සමාන වෙන්න ඕන. (.png) Image එක Long Touch කරල Properties ගියාම ඒක බලාගන්න පුළුවන්.


*අනිත් එක තමයි මම Edit කරන Helakuru App එකේනම්  " drawable-mdpi" කියල Folder එකක් තියෙනවා. ඒකෙත් තියෙන්නේ "drawable-hdpi" Folder එකේ තියෙන Images ටිකමයි. ඒනිසා Replace කරන ඒව ඒ Folder එකටත් Replace කරන්න.  
*හරි දැන් ඔයටික කරානම් අයෙත් අර මුල් Folder එකට යන්න. ඒකිව්වේ Apk එකේ Extract  කරපු Files තියෙන Folder එකට.දැන් ඒකෙ තියෙන Folders ටිකයි, Files ටිකයි Long Touch කරල Mark කරන්න.


* දැන් More > Compress ගිහින් Ok කරන්න. ( Files ටික තියෙන Name එකෙන්ම Compress කරන්න )
*ටික වෙලාවක් Process උනාට පස්සේ අපි Compress කරපු එක zip File එකක් විදිහට පෙන්නයි. එ "Helakuru.zip"  File එක "Helakuru.apk" කියල  Rename කරන්න. (zip file එක Long Touch කරල Rename කරන්න)


*දැන් කලින් Helakuru App එක වගේ Icon එකත් එක්ක පෙන්නයි. ඒත් ඒක Install කරන්න බෑ Sign කරන්නැතුව. ඒකට අර කලින් Install කරගත්ත Zip Signer App එක Open කරගෙන  Input File කියන තැනට අපි Edit කරපු App එක Select කරල Sign The File කරන්න.
ටික වෙලාවකින් වැඩේ ගොඩ.


*දැන් අපි Edit කරපු App එක තිබුන තැනට යන්න. එතන ඇති තවත් App එකක් Signed කියල. ඒකිව්වේ "Helakuru-Signed.apk" කියල එකක්. ඒක Phone එකට Install කරල බලන්න. Helakuru App එක තියෙනවනම් ඒක Uninstall කරල අළුත් එක Install කරන්න.
මේ Edit කරන්න කලින්..
*මේ එඩිට් කලාට පස්සෙ
මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි.නමුත් එකෙන්ම කරගන්න බැරිවෙන්න පුලුවන් මාත් කීප වතාවක් උත්සාහ කරල තමා ගොඩ දාගත්තේ ඒක නිසා එක පාරක් වැරදුනාට කීප වතාවක් උත්සාහ කරල බලන්න.
මමත්  මේක ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් කියන බ්ලොග් අඩවියෙන් බලල තමා ඉගෙන ගත්තෙ.ඉතින් මම ඉගෙන ගත්ත දේ ඔන්න ඔයාලටත් මම කියල දුන්න.ඉතින් හැමෝම එහෙම කරන්නෙ නෑ මොන විදියකින් හරි ඇප් එකක් හදල තමන්ගෙ නම ගහගෙන උඩ පනිනවා මිසක් කරන විදිය ගැන දැනුමක් ලබා දේන්නෙ නෑ.

2 comments: