Twitter

Tuesday, March 1, 2016

පිස්සු හැදෙන Navdy තාක්ෂණය

අද වන විට බොහෝදෙනා එදිනෙදා කටයුතු, විනෝදයට, කම්මැලිකමට වැනි දේ බොහොමයකට සයිබර් අවකාශය භාවිතා කරයි. උදාහරණයක් ලෙස ලොකු,කුඩා සෑම දෙනාම වගේ Facebook, Twitter, Email වැනි දේ භාවිතා කරනවා. එහි භාවිතයේ පහසුව වැඩි කිරීමට Smart Phone බිහිවී තිබෙනවා. නමුත් වාහනයක් එලවිමෙදී ජංගම දුරකතනයක් බාවිතා කිරීම අපහසුයි. ඉතින් මේ ගැටලුවට විසදුමක් ලෙස Navdy නම් තාක්ෂණයක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා.

මෙම Navdy තාක්ෂණය මගින් වාහනයක් Drive කරන අතරතුර ආරක්ෂාකරිව Smart Phone මගින් කරන්නාවු කාර්යයන් බොහොමයක් ඉටු කර ගැනීමේ පහසුකම් ලැබේවි.Navdy යනු අගල් 5.1 සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙන තිරයක් සහිත ප්රක්ෂේපන පද්ධතියකි. මෙයට ඔබගේ චර්යා හා හස්ත සංඥ තේරුම් ගත හැකි ප්රබල Infrared (අධෝරක්ත) කැමරාවක් හා කටහඩ හදුනාගත හැකි Mic පද්ධතියක් අන්තර්ගතය. Wi-Fi හෝ Bluetooth හරහා Android හෝ Apple දුරකතන මෙයට සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා. Android සුවිශේෂි මෙහෙයුම් පද්දතියක් Dual Core ප්රොසෙසරයක් සමග මෙහි ධාවනය වේ.

මෙලෙස ජංගම දුරකථනය සම්බන්ද කල විට Facebook,Twitter,Email,Whats App වැනි සේවාවන් රැසක් ඔබගේ වාහනයේ තිරය මතට ගෙන ඒමේ හැකියාව පවතිනවා. මේවා සම්ප්රේක්ෂණය වන්නේ විනිවිද පෙනෙන තීරයකට බැවින් රියදුරාගේ අවදානය පාරෙන් ඉවතට නොයෙදේ.මෙම සේවාවන් වලට අමතරව Call,Notification, Massege, Google Maps, Weather, Mediya Player වැනි දේද තිරය මතට ගෙන ඒමේ හැකියව තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ඔබගේ කටහඩින් හා හස්ත සංඥ මගින් Answer & Cut, Email කියවීම, SMS, FB Massege, Tweets වැනි දේද සිදු කරීමට ඇති හැකියාවයි. ලගදීම Navdy වෙළදපොලට නිකුත් වූ පසු Navdy සමග වාහනය පැදවීම අපුර්ව අත්දැකීමක් වන බව නිසැකය.





0 comments:

Post a Comment