Twitter

Monday, March 7, 2016

ඔයාගෙ HTC එක ඔරිජිනල් එකක්ද ? ඒක මීට කලින් රූට් කරල සෙල්ලම් දාපු පෝන් එකක් ද ? හොයාගන්න විදිහ මන් කියල දෙන්නම් ...

දැන් HTC වලත් Samsung වල වගේ කොපි හෙවත් ක්ලෝන් දුරකතන එනවා .. ඉතින් අපි සැලකිලිමත් විය යුත්තේ අන්න ඒවා ගැනයි ... ඒවා නම් ගන්නවත් හිතන්න එපා ...

HTC දුරකතනයක් ඔරිජිනල් ද කියල බලගන්න පුලුවන් *#*#3424#*#* යන කෝඩ් එක පෝන් එකේ ඩයල් පෑඩ් එකේ ගහලා ....
ඊට අමතරව  HTC Bootloader එක බලලා හදුනගන්නත් පුලුවන් .... මන් කියල දෙන්නම් දැන් කොහොමද බූට් ලෝඩර් එකට යන්නේ කියල ..

1. මුලින්ම පෝන් එකේ සෙටින්ග්ස් වලට යන්න ... ඊට පස්සේ ඒකේ තියන Power වලට යන්න ඒකේ යටම ඇති Fastboot කියල එකක් .. එහෙම එකක් තියනවනම් ඒකට දාල තියන හරිය අයින් කරන්න ... එහෙම  නැත්තම් අව්ලක් නෑ ..

2. දැන් පෝන් එක ඕෆ් කරන්න ....

3. ඊට පස්සෙ පෝන් එකේ volume අඩු කරන එක ඔබාගෙන ඒක ඔබාගෙන ඉන්න ගමන් ම Power එකත්        ඔබාගෙන ඉන්න ස්ක්‍රීන් එකේ මොකක් හරි එනකන්







4. ඊට පස්සෙ ඔය උඩ තියන පොටෝ එකේ හැඩේට එනවානම් ඒක ඔරිජිනල් එකක් ... ඔය තියන වචන , අකුරු ඒ විදිහටම තියෙන්න ඕනේ නෑ ඔය හැඩේට තියනවනම් ඒක ඔරිජිනල්  HTC එකක් ..


5.ඔය ස්ක්‍රීන් එකේ තියෙද්දිම ලේසී අපිට පෝන් එක කලින් රෝට් කරල සෙල්ලම් දාපු එකක් ද කියල හොයා ගන්න .. ඉන්න මන් ඒකත් ඉයල දෙන්නම් ....

 ඔය උඩ *** LOCKED ***    කියලා තියෙන්නේ පෝන් එකේ බූට්ලෝඩර් එක ...  HTC පෝන් එකක් රූට් කරන්න නම් අනිවර්‍යයෙන් ම බූට්ලොඩෙර් එක අන්ලොක් කරන්න ඕනේ .... ඉතින් ඔතන *** LOCKED ***  කියන එක වෙනුවට *** UNLOCKED ***  කියලා තිබුනා කියන්නේ බූට්ලෝඩර් එක ගොඩක් වෙලාවට අන්ලොක් කරල තියනවා කියන එකයි ...හැබැයි  One M සීරියස් එකේ පෝන් වල එනවා Developer Edition කියලා එකක් ඒකේ නම් කොහොමත් එද්දිම bootloader අන්ලොක් කරලා එන්නෙ ... 



   

ඊට යටින් තියනවනෙ ඔය  M7_UL PVT SHIP S-ON RH  එකක් ... එකෙන්  කියවෙන්නේ මේකයි ...
M7 = පෝන් එකේ කෝඩ් නේම් එක
UL = පෝන් එකේ වර්ශන් එක ... UL කියල තියනවා කියන්නෙ ඒක ඒකේ international වර්ශන් එක ...ඒක වර්ශන් එකෙන් වර්ශන් එකට එනස් එන්න පුලුවන් ..
S-On = phone එකේ බූට්ලෝඩර් සිකියුරුටි සිස්ටම් එක ඔන් එකේ තියනවා කියන එක .. ඔතන  S-OFF කියල තිබ්බා කියන්න සිකියුරිටි එක ඕෆ් කරල කියල තියන එකයි .. ඒක S-OFF කියල නම් තියෙන්නෙ ඔයා ඒ පෝන් එක ගන්න නම් ගියේ ඒ පෝන් එක ගන්න එපා ...ඒක S-OFF කියල තියනව කියන්නෙ අනිවර්‍යයෙන් ම පෝ එක රෝට් කරල පිස්සුම නටල තියනවා කියන එක .. ඒක නිස පෝන් එක ගන්න යනවනම් ඒක ගන්න එපා ...


ඔය bootloader unlocked , s off කියල තියන හැම පෝන් එකක් ම යතා තත්වයට ගන්න පුලුවන් ... මන් ඒක කොහොමද කරන්නෙ කියල පෝස්ට් එකක් ඉදිරියේදී දාන්නම් ....

එහෙනම් මන් ගියා ...ඔයාලට මේක උදව්වක් උනා නම් කොමෙන්ට්යිවක් දාලම යන්න ..
පුලුවන්නම් ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා ..


0 comments:

Post a Comment