Twitter

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Sunday, October 30, 2016

Subway Surfers ( unlimited gold mod) මදි නොකියන්න දුවන්න................

Subway Surfers ( unlimited gold mod) මදි නොකියන්න දුවන්න................


මෙන්න subway surfers ගේම් එකේ unlimited gold & keys mod එක. මේකට root ඕන නෑ. download කරා. install කරා. ගැහුවා. ඔන්න එහෙනම් බාගෙනම බලන්නකො.




                                                                   මෙතනින් ගන්න

මේක ගැන ඔබේ අදහස් තියනවා නං Comment කරන්න අමතක කරන්න නම් එපා.

Wednesday, September 14, 2016

තමන්ගේ බ්ලොග් එකේ තත්ත්වය බලන්න Website එකක්

අද ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හරි Website එකේ හරි තත්ත්වය බලාගන්න පුලුවන් Site එකක් ගැන. මේකෙ නම තමයි WooRank. හරියටම කියනවා නම් මේක Website Analysis Tool එකක්.

http://www.woorank.com


මේ Website එකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් ඔයාලගෙ බ්ලොග් එක Rank කරනවා. එහෙම Rank කරන්නේ කරුණු විශාල ගණනක් සලකා බලලා. ඔයාලට තියෙන්නේ ඔයාලගෙ බ්ලොග් එකේ නම ගහන්න විතරයි. ඔන්න වැඩකිඩ බ්ලොග් එකේ Rank එක බලා ගන්න පුලුවන් මේ පහල තියෙන පිංතූරෙන්.






දැන් ඔයාල බලයි Rank කරා කියලා බ්ලොග් එකට ඇති වැඩේ මොකක්ද කියලා. ඔන්න බ්ලොග් එක Rank උනාට පස්සේ එනවා Report එකක්. මේ Report එකේ ඔයාගේ බ්ලොග් එක ගැන හැම විස්තරයක්ම තියෙනවා. ඒ විතරක් නෙවෙයි බ්ලොග් එකේ තියෙන වැරදි සේරම පෙන්නනවා. දැන් ඒ වැරදි බලලා ඒ වැරදි කොහොමද නිවැරදි කරගන්නේ කියලත් එයාලා කියලා දෙනවා. ඔන්න මේ Site එක ගැන දැනගන්න කලින් මගේ බ්ලොග් එකේ Meta Tag, Meta Description එහෙම දාල තිබ්බෙත් නෑ. මේකෙන් දැක්කට පස්සේ තමයි ඒවා දාන්න මතක් උනේ.


අනික මේකෙන් අපේ බ්ලොග් එක Backlink වෙලා තියෙන විස්තර එහෙමත් බලා ගන්න පුලුවන්. ඒ නිසා SEO කරන්නත් ලේසියි. මං මුලින්ම Check කරනකොට මට Blog එකට ආවේ Rank එක 39.6 විතරයි. ඒත් වැරදි එහෙම හරිගස්සලා ගත්තම ඔන්න දැන් 47.7 තියෙනවා. තව වැරදි එහෙම තියෙනවා. ඒ ටිකත් හිමිහිට හදා ගන්න ඕන. ඔයාලත් ඔයාලගේ Rank එක Check කරලා එක එක්කෙනාගේ Site එක්ක සංසන්දනය කරලා බලන්නකෝ. බලලා ඉතින් අපිටත් කියන්න්කෝ ඔයාලගෙ Rank එකත්.

Hacking ගැන බිඳක්



 
Hacking කියන වචනේ අල්ලාගෙන පිස්සු කෙලින මල්ලිලට මේ කියන්නේ (ඔව් මම අයියා තමයි sunglasses emoticon ) 
film දෙක තුනක් බැලුවා කියලා, youtube එකේ තියන වීඩියෝ එකක් බැලුවා කියලා ,underground forum එකක මෙම්බර් කෙනෙක් වුනා කියලා හැකර් කෙනෙක් වෙන්න බෑ. ගොඩක් එවුන් hacking කියන වචනේ ඔලුවට දාගන්නේ වයසේ වැරැද්ද නිසා. උන් hacking ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව අහුවෙන අහුවෙන එකාට මම හැකර්-මම හැකර් කිය කියා යනවා. ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ forum වල එක එකාට වැද වැද යනකොට deep web අනන්මනන් කෑලි ටිකකුත් අහුවෙනවා. ඊට පස්සේ ඉතින් හැකර් කියන්නේ මටම තමයි කියලා හොද කාඩ් එකකුත් ගහගන්නවා.. තව මදි නම් blog එකක්, එහෙම නැත්නම් රට පුරා spam පාරක් ගහලා forum එකක් හරි පටන්ගන්නවා.. grin emoticon ඒත් ගොඩක් එවුන් "hacking" කියන වචනේ කොච්චර දුරට ව්‍යාප්ත වෙලා තියෙනවද කියලාවත් දන්නේ නෑ.
මේකේ නීතිමය පැත්ත ගත්තොත් "2007 අංක 24- පරිගණක අපරාධ පනත" හරහා තමයි දඩුවම ලැබෙන්නේ.. hack කරනව් වගේම, hacking කියලා දෙනවා කියන්නේ ඒකෙ හැටියට වරදක්. වැරැද්දේ හැටියට ජීවිතාන්තය දක්වා වුනත් අච්චුව තියන්න රජයට බලතල තියනවා. තව එකක්, මේ ලෝකේ anonymous කියලා දෙයක් නෑ. networking වගේ කරන අය නම් දන්නවා මොකක්ද මම කියන්නේ කියලා. IP එක hide කරා කියලා, tor හරහා tunneling පාරක් දැම්මා කියලා කාටවත් හැංගිලා ඉන්න බෑ. ඒක නිසා වැරද්දක් කරොත් අනිවාර්යෙන්ම ගෙදරටම ඇවිල්ලා කුදලාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා.......... 



   grin emoticon
සුද්ද සිංහලෙන්ම කිව්වොත් hacking කියන්නේ නීති විරෝදී වැඩක්.. අහු වුනාට පස්සේ ලංකාවේ නීති වල හැටියටනම් කෙලින්ම ඇතුලේ.. හතර වෙනි තට්ටුවට අරගෙන ගිහිල්ලා @ට දෙක ලාච්චුවට දාල ප්‍රශ්න කරනවා. එතකොට කොහොමද සනීපේ. එළියේදී සද්දේ දාන ඕන චන්ඩියෙක් හතර වෙනි තට්ටුවේදී හොටු පෙරාගෙන අඩනවා.pacman emoticon
අනිත් එක උබලා හිතනවද hacking කරලා හිරේ ගියා කියලා එක වීරකමක් වෙනවා කියලා? නෑ බන් උබ වැරදියි. උබ ඇතුලට ගිහිල්ලා එලියට ආවත් සමාජෙන් උබට ගහන්නේ අර කුඩුකාරයටයි, තමන්ගේ අම්මව මරපු මිනීමරුවටයි ගහන කාඩ් එකම තමයි. උබ හෙන මොලයක්, උබ තමයි වැඩකාරයා කියලා උබව කම්පැනි එකකින් වැඩට ගනීවි කියලා හිතනවද? නෑ බන් ඒත් නෑ. ඕනම කම්පැනි එකක තියනවා "විශ්වාසය" කියලා එකක්. අන්න ඒක උබ ඇතුලට යනකොට කඩලා ඉවරයි. ලංකාවේ කම්පැනියකින් උබට ඉන්වයිට් එකක් ආවොත් එන්නේ ඒ වගේම දෙකයි පනහේ එකකින්ම තමයි. පිටරට නම් ඕක කරන ක්‍රමවේදය මීට වඩා වෙනස්. ලංකාවේ අපිට නම් ඉතින් හොදට තියෙන @ට දෙකත් තලාගෙන පැත්තකට වෙලා ඉන්න තමයි අන්තිමට ඉතුරුවෙන්නේ.. grin emoticon
-අදට එච්චරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි. මට දැන් නිදිමතයි. මම කැපුනා.
ජය~! grin emoticon

Sunday, June 19, 2016

Android 4n වල software ලෙඩ හොඳ කරමු.





Android 4n වල software ලෙඩ හොඳ කරමු.

A+A-PrintEmail යාලුවනේ ඔන්න බන් අද ගෙනාව පට්ටම පට්ට වැඩක්. මේකෙන් පුලුවන් ඕනෙම ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක සොෆ්ට්වෙයා ලෙඩ හොඳ කරන්න.

චයිනීස් ඒවට පුලුවන් හොදේ. උදා(micromax, greentel, etel)

මෙහි වාසි,
1. පැටන් ලොක් අරින්න පුලුවන්
2. සොෆ්ට්වෙයා බ්‍රික් නිවැරදි කරන්න පුලුවන් ( ලොකු ලොකු ඒව බෑ හොදේ)
3.එතකොට wipe dataහුගක් දේ පුලුවන්

1.මුලින්ම ඔයාගෙ පෝන් එකට අදාල drivice ඔයාගෙ pc එකට දාගන්න.2.දැන් මේ සොෆ්ට්වෙයා එක ගන්න3.දැන් පෝන් එකෙ fastboot මොඩ් එක අරන් pc එකට කනෙක්ට් කරන්න.4.දැන් මන් දුන්න සොෆ්ට්වෙයා එක open කරන්න.

5.දැන් කී බෝඩ් එකේ 8 press කරල enter press කරන්න.ඔන්න එහෙනම් දෙයියන්ගෙ පිහිටෙන් ඔයගෙ පෝන් එක ෆුල් රීසෙට් කලා. මේක ඉතා ඉහල තත්වයෙ රීසෙට් එක්ක. උදාහරනයක් විදිහට මේකෙන් පුලුවන් සොෆ්ට්වෙයා ලෙඩත් නිරාකරනය කරන්න.

Fastboot mode කියන්නෙ මොකද්ද :)

     - ආ අමතක උනානෙ එක කරගන්නෙ ඔයාගෙ පෝන් එකේ home key එකයි volume down එකයි එක පාර press කරපුවාම එන මෙනුවට

ඔබෙන් සිදුවන අත්වැරදීම් වලට ම වගකියනු නොලැබේ. :

Friday, May 20, 2016

සුභ වෙසඟක් වේවා!!






වෙසක් පෝයෙහි වැදගත්කම

 වෙසක් පුන් පොහෝ දිනය සමස්ත විශ්වයටම ඉතා වැදගත් දිනයක් ලෙස හැදින්විය හැක. එය හුදෙක් ලංකා වාසීන්ට පමණක් නොව,සියලුම සත්ත්ව ප්‍රජාවටම ඉතා වැදගත් දිනයකි.ලොව අතිශය දුර්ලභ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ බුද්ධත්වය අපේක්ෂාවෙන් ලබනු ලබන අවසන් ජන්මොත්සවයත්,සම්මා සම්බුද්ධත්වයට පත් වීමත්, ස්ඛන්ධ පරිනිර්වාණයට පත්වීමත් යන කරුණු තුන විශේෂයෙන් මෙම පුර පසලොස්වල පුන් පොහෝ දින සිහිපත් කෙරේ.මීට අමතරව,

බෝ සතුන්ගේ ශ්‍රේෂ්ට සිංහනාදය සිදු කිරීම.
කිසාගෝතමියගේ නිබ්බුත පද ඇසීම.
රාහුල කුමරුන්ගේ උපත.
ගිහිගෙය හැරයාම.
යමාමහ පෙළහර පෑම.
බුදුරජානන් වහන්සේ කැලණියට වැඩම කිරීම.
විජයාගමනය.
දෙවන පෑතිස් රජුන්ගේ දෙවන රාජාභිෂේකය.
රුවන්වැලි මහාසෑය තැනීම ආරම්භ කිරීම.
ආනන්ද මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වීම.
සිංහල බෞද්ධ අභිෂේක දිනය.
මහාවිහාර උපසම්පදාව.                  
   යන කරුණු සියල්ලම සිදු වූයේ වෙසක් මාසය තුලය.

ස්තූතියි............powerd by android  තාක්ෂණය 

Hutch deta දන්සල

Hutch  සමගින් deta දන්සලක්........

අද දින සිට එනම්(21) සිට hutch  සමාගමෙන් free deta ලබා දීමට තීරණ ය කර ඈත.
මෙය වෙසක් සතිය වෙනුවෙන්පාරිභෝගිකයන්ට  ලබා දෙයි.


ඔබට කළෙ යුත්තේ,
      මෙතනින්
පිවිස ඔබගේ ඊ මේල් ලිපිනය සහ සම්පූර්ණ  නම සහ හච් දුරකථන  අංකය ලබා දීම පමණයි.
ඉන්පසු ඔබ ලබා දුන් ඊ මේල් ගිනුමට පිවිස හච් වෙතින් ලැබුන comfirm mail එක ක්ලික් කර ඩේට ලබා ගැනීමයි.කිසිම කොන්දේසි  රහිතව මෙය ඔබට පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ඇත.


Hutch  වෙතින් ගියවර 100mb දුන් අතර
මෙවර 
300mb ලබා දෙයි......

Tuesday, April 5, 2016

facebook auto liker app facebook එකට ඔටෝ ලයික් 5000+ ෆ්‍රී නිකන් ගමුද....?

ඔන්න එහෙනම් අද මම ගෙනවෙ මම ම හදපු ඇප් එකක්.මේකෙන් පුලුවන් ඔයලට ඕන තරම් ලයික් නිකන් ගන්න.
කකොහොමද ඉතින් 4to එකකට ලයික් 50000ක් විතර තියෙද්දින් ආඩම්බරයි වගේ නේද......?

ඔන්න එහෙනම් ඇප් එක.කාට හරි ලයික් ගන්න තේරෙන් නැත්තන් comment එකක් දාන්න.....

Download

Monday, March 7, 2016

HTC Desire Series එකේ ෆෝන් එකක් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

HTC Desire සීරියස් එකේ ෆෝන් එකක් ගැනීමේදී බැලිය යුතු දේවල් ටිකක් තියෙනවා....

හරි මෙහෙමයි... මේක බලපාන්නෙ ගොඩක් HTC Desire 816 ,820 ,626 , 620  මාදිලියේ දුරකතන වලටයි ... මේ මාදිලි වල එක එක වර්ග එනව ...
උදාහරණ විදිහට ..,,

Desire  816 වල එනවා මාදිලි ගොඩක් .. 816 4G , 816 Dual ,816g වගේ ඒවා ... 

Desire 820 වල එනවා 820 , 820 Dual , 820q , 820S වගේ ඒවා .. 

Desire 620 වල එනව 620 ,620G ,620g+ වගේ ඒවා 

Desire 626  එකෙත් 620 එකේ වගේම මොඩෙල් එනවා .. 

මතක තියා ගන්න ... HTC Sense UI එක ඔය මන් කියපු මොඩල් වල මොඩෙල් එක අන්තිමට S , G , q කියල තියන ගොඩක් පෝන්ස් වලට එන්නෙ නෑ ...GSMArena වල ඒ මොඩල් වලටත් එනව කියල තිබ්බට එහෙම එන්නෙ නෑ ඒ මොඩල් වලට ... අද කාලෙ GSMArena උනත් විශ්වාස කරන්න අමාරුයි .. දැන් ඉස්සර වගේ නෙමෙයි GSMArena එකෙත් ගොඩක් තොරතුරු ගොඩක් වැරදි ඒවා තියනවා ... 

ඔය 820s 816g 626g 620G 620G+ කියන්නෙ ඉන්ටෙර්නශනල් මොඩෙල් වලට සාපේක්ශව තත්වයෙන් ටිකක් බාල දුරකතන ...මෙහෙම කියන්නම් ... HTC වල Mediatek Processor එක එන Desire පෝන් වල HTC Sense UI එක නෑ... ඉතින් පෝන් එක ගද්දි හොදට බලන්න පෝන් එකේ Processor එක මොකක්ද කියල .. ඔයගොල්ලොන්ට ඉන්ටෙර්නෙට් එකෙ ගහල බලන්න පුලුවන් ප්‍රොසෙසර් එක ගැන ..  මේව වල තත්වයෙන් උසස් ඉන්ටෙර්නැශනල් දුරකතන තමයි මේවා ... 820 , 820 Dual , 816 4g , 816 dual , 626 , 620 .. ඔන්න ඕවා තමයි ඉන්ටර්නැශනල් හයි කොලිටි ඒවා .. ඔය ඒවගෙ නම් HTC සෙන්ස් යූ අයි එක එනවා .මන් නම් කියන්නෙම ගන්නව නම් ඔය මොඩල් වලින් එකක් ගන්න කියල .. ඒක නිසා ගද්දි හොදට බලල ඉන්ටර්නැශනල් එකක් ගන්න ... 


Cheap vesrsion

High quality international model with HTC Sense Ui

ඔය දැන් තියෙන්නේ 820 ඉන්ටනැෂනල් එකේ එක.... කලින් එක වගේද සුප්පා නේ....



ඔය යට දාල තියෙන්නේ ෆෝන් දෙක කම්පෙයා කරලා .... බලන්නකෝ වෙනස් කම් වගයක් තියෙනවා ....



එහෙනම් මන් ගිහින් එන්නම්.....

HTC Pink Issue ගැන

  HTC ගැන හරියට නොදන්න අය අහන ලොකුම ප්‍රශ්නයක් තමා මොක්දද මෙ පින්ක් ඉශු කියන්නෙ කියන එක.. අපේ ගෘප් එකේ මේ ප්‍රශ්නෙ දවසට දෙතුන් දෙනෙක්ම වගෙ අහනවා.. මටත් මේ ගැන අත්දැකීම් තියන නිසා පොඩි විස්තරයක් දෙන්න හිතුවා.. 



   පින්ක් ඉශූ කියන්නේ HTC ONE M7 මොබයිල් එකේ ආව කැමෙරා අවුලක්. (ගොඩක් අය හිතන්නෙ හැම HTC එකකම මේ අවුල තියනවා කියලා ඒක පල්පට්ට බොරුවක් ඔන්න ආයෙත් කියනවා මේ අවුල ආවේ M7 එකේ විතරයි,Butterfly S එකෙත් මේ ප්‍රශ්නේ තියනවා කියලා කියනවා ඒත් මම දැකලා නම් නෑ තිබුනත් අන්දුරගන්නේ මේ මෙතඩ් එකෙන්ම තමා) ඒ කියන්නෙ කැමෙරා එක ඔන් කලහම තනිකරම රෝස පාටක් වෙනවා.හැබැයි මේ අවුල තියෙන්නෙ ලොව් ලියිට් වලදි විතරයි එ කියන්නෙ ටිකක් අන්දුරු තැන් වලදි.. අන්දුරු ගතිය වැඩි වෙන්න වෙන්න කැමෙරා එකෙ රෝස පාට ගතියත් වැඩි වෙනවා.ඒත් ඩේ ලයිට් වලදි නම් කැමෙරා එක අපේ බාසවෙන් කියුවොත් ලොවෙත් නෑ (මම පහල දාල තියනව ඩේ ලයිට් පික් ටිකක්)


     තවමත් මේ ප්‍රශ්නෙට හරි හමන් විසන්දුමක් නැහැ.. ගොඩක් අය කියනවා කැමෙරා එක රීප්ලෙස් කලහම මේ ප්‍රශ්නෙ නැති වෙනව කියල ඒත් එහෙම කරල සාර්තක උනු කෙනෙක් මම නම් දැකල නෑ.(පොඩිම පොඩි සොලියුශන් එකක් තියනවා ඒකත් එච්ච්රම සාර්තක වෙන්නෙ නැහැ කෝකටත් කරල බලන්න එකෙ කරන්න තියෙන්නෙ මැනුවල් මොඩ් එකෙන් කැමෙරා එකේ අයි.ඇස්.ඔ වගෙ එව්ව අඩු වැඩි කරන එකක් මම පහලින් පික් එකක් දාල තියනවා ට්‍රයි කරල බලන්න)


        මේ ප්‍රශ්නෙ හැම M7 එකකම නැහැ.. මේ අවුල වේ මුල්ම M7 සෙට් එකේ.. ඒ කියන්නෙ 2013 මුල එව්වගගේ. 2013 අන්තිම එව්වගෙයි 2014 එව්වගෙයි මේ අවුල නෑ..මේ විදහට කැමරා එක අවුල් වෙන්න හේතුව උනේ M7 එකට ඇන්ඩ්‍රොයිඩ් 4.3 with සෙන්ස් 4+ අප්ඩේට් එක නිසයි.. නැතුව මේක මොබයිල් එක රිලිස් වෙනකොටම ආව කොම්පැනි ෆෝල්ට් එකක් එහෙම නෙමෙයි.. සෙන්ස් 4+ අප්ඩේට් එකේදි HTC සමාගම අලුත් කැමෙරා ඔප්ශන් එකක් හන්දුන්වල දුන්නා ඒ ත්මයි HTC ZOE CAMERA මේ ෆීච්ර් එක නිසා මුලින්ම අප්ඩෙට් කරපු මොබියිල් සෙට් එක අප්සට් උනා. එ කියන්නෙ මේක යූස් කරනකොට ෆෝන් එකේ අල්ට්‍රපික්සල් සෙන්සර් එක හීට් වෙන්න ගත්තා අන්න ඒකේ අතුරු ප්‍රතිපලයක් විදහට තමයි කැමෙරා එක ලොව් ලයිට් වලදි රෝස පාට වෙන්න ගත්තේ.ඒ නිසා මේ අවුල ආවෙ මුල්ම සෙට් එකේ විතරයි.. පස්සෙ අප්ඩේට් දුන්න එව්වට මේ අවුල ෆික්ස් කරලා තමයි අප්ඩේට් එක ලැබුනේ.
ඉතින් ඔයාලත් M7 එකක් ගන්න්වන්ම් අනිවර්යෙන්ම මේ දේ බලලා ගන්න මොකද ගොඩක් අය හිතන්නෙ කැමෙරා එක ඔන් කලහම රෝස පාට වෙන්නෙ නැත්නම් ඉශූ එක නෑ කියලයි ඒත් එක එහම නැහැ ඔයා මේ ෆෝන් එක ගන්න්වන්ම් ගන්න කලින් ෆොන් එකේ කැමෙරා එක ඇන්ගිල්ලෙන් වහල බලන්න එතකොට පින්ක් කලර් වෙනව කියන්නෙ අනිවර්යෙන්ම ෆෝල්ට් එක තියනවා(තනි බ්ලැක් නම් ඉශූ එක නෑ) මෙ වෙනකොට එක 25ට වගෙ යන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි.. මේ අප්සට් එක නැති එකක් 35ක් වගේ වෙනවා..කැමෙරා අවුල නැත්නම් සුපිරිම ෆෝන් එකක් තමා !! අවන්කවම කියුවොත් මම දැකපු හොන්දම ඩිසයින් එක
එහෙනම් මම ගියා (අවුල් අඩු පාඩු වැරදි තියනවන්ම් එව්ව කිව්වට කමක් නෑ ඈ)

උපුටා ගැනීම.htclokaya.blogspot.com

මොකද්ද මේ අල්ට්‍රාපික්සෙල් කියන්නේ ??

 මේ අල්ට්‍රා පික්සෙල් තාක්ශනේ ලෝකෙට හන්දුන්වලා දුන්නේ HTC එකම තමා..මේක එයාලගෙම ටෙක්නොල්ජි එකක් මිසක් කාගෙන්වත් හොරකම් කරපු එකක් එහෙම නෙමේ.මුලින්ම අල්ට්‍රා පික්සෙල් කැමෙරා එකක් ආවේ අපි කවුරුත් දන්න ONE family එකේ ප්‍රථමයා වුනු M7 මලයන්ඩිට.මේවගෙම කැම්රා දෙකක් එක්ක ඊට වඩා ප්‍රොෆොශෙනල් මට්ටමේ ඉමේජ් චිප්,සෙන්සර්ස් සහිත කැමරාවක් තමා  M8 එකට බාවිතා  කරලා තියෙන්නෙ


  අල්ට්‍රා පික්සෙල් කියන්නේ නෝමල් මෙගාපික්සෙල් වල පික්සෙල් සයිස් එකට වඩා පික්සෙල් සයිස් එකෙන් ලොකු කියන අදහසයි,ඒ වගේම මේකෙ තියෙන විශේසත්වය තමයි අඩු ආලෝක තත්වයන් වලදි නොර්මල් මෙගාපික්සෙල් සෙන්සර් එකකට වඩා 300% ගුනයකින් ආලෝකයට සංවේදි වැඩීවීම(පික්සෙල් සයිස් එක ලොකු වෙන්න වෙන්න කැම් එකේ ලොව් ලයිට් වලදි පෙර්ෆොර්ම් කරනවා) ඒ වගෙම 300MS(M8 වල විතරයි) වැනි සුලු කාලයක්දි ඉක්මනින් ඔටෝ ෆෝකස් කිරීමේ හැකියාවක් පවතිනවා මේ නිසා DSLR මට්ටමේ චායාරූප වලට සමාන අන්දෙමේ චායාරූප ලබාගැනීමේ හැකියාව පවතිනවා.




  හැම දේකම හොන්ද පැත්ත වගේ නරක පැත්තත් තියනවනේ.. 4අල්ට්‍රා පික්සෙල් කැම් එකේ තියෙන පුංචි අඩුපාඩුවක් තමා රෙසලූශන් මදිකම ඉතින් මේ නිසා පික් එකේ zooming dtails 13මෙගාපික්සෙල් වගේ කැමෙරා එකක් එක්ක බලනකොට අඩු ගහතියක් පේනවා,මම කියුවේ zooming dtails හොන්දේ පික් එකේ කොලිටි මදි කියලා නෙමේ ඔන්න,ඒත් ඒක ලොකූ අඩුපාඩුවක් නම් නෙමේ මොකෝ අපි බැනර් ඇඩ් වගේ ගහන්න ෆෝන් එකෙන් ෆොටෝ ගන්නේ නෑනෙ ඉතින් අපේ ගොඩක් අය හිතන් ඉන්නේ මෙගා පික්සෙල් වැඩි වෙන්න වෙන්න කොලිටි එක වැඩී කියලයි ඒත් එහෙම වෙන්නෙ නෑ මෙගාපික්සෙල් වැඩි වෙන්න වෙන්න වෙන්නේ රෙසලූශන් වැඩි වෙන එකයි,හරියට ටී.වී එකක අන්ගල් ගාන වැඩි වෙනකොට සයිස් එක වැඩි වෙනවා වගේ (මේ පහලින් දාලා තියෙන්නේ 4Mp එකෙන් ගනිපු ෆොටෝස්)

1.Day Light (M8)




2.M7





3.Low Light (M8 10.42PM)



උපුටා ගැනීම.htclokaya.blogspot.com

ඔයාගෙ HTC එක ඔරිජිනල් එකක්ද ? ඒක මීට කලින් රූට් කරල සෙල්ලම් දාපු පෝන් එකක් ද ? හොයාගන්න විදිහ මන් කියල දෙන්නම් ...

දැන් HTC වලත් Samsung වල වගේ කොපි හෙවත් ක්ලෝන් දුරකතන එනවා .. ඉතින් අපි සැලකිලිමත් විය යුත්තේ අන්න ඒවා ගැනයි ... ඒවා නම් ගන්නවත් හිතන්න එපා ...

HTC දුරකතනයක් ඔරිජිනල් ද කියල බලගන්න පුලුවන් *#*#3424#*#* යන කෝඩ් එක පෝන් එකේ ඩයල් පෑඩ් එකේ ගහලා ....
ඊට අමතරව  HTC Bootloader එක බලලා හදුනගන්නත් පුලුවන් .... මන් කියල දෙන්නම් දැන් කොහොමද බූට් ලෝඩර් එකට යන්නේ කියල ..

1. මුලින්ම පෝන් එකේ සෙටින්ග්ස් වලට යන්න ... ඊට පස්සේ ඒකේ තියන Power වලට යන්න ඒකේ යටම ඇති Fastboot කියල එකක් .. එහෙම එකක් තියනවනම් ඒකට දාල තියන හරිය අයින් කරන්න ... එහෙම  නැත්තම් අව්ලක් නෑ ..

2. දැන් පෝන් එක ඕෆ් කරන්න ....

3. ඊට පස්සෙ පෝන් එකේ volume අඩු කරන එක ඔබාගෙන ඒක ඔබාගෙන ඉන්න ගමන් ම Power එකත්        ඔබාගෙන ඉන්න ස්ක්‍රීන් එකේ මොකක් හරි එනකන්







4. ඊට පස්සෙ ඔය උඩ තියන පොටෝ එකේ හැඩේට එනවානම් ඒක ඔරිජිනල් එකක් ... ඔය තියන වචන , අකුරු ඒ විදිහටම තියෙන්න ඕනේ නෑ ඔය හැඩේට තියනවනම් ඒක ඔරිජිනල්  HTC එකක් ..


5.ඔය ස්ක්‍රීන් එකේ තියෙද්දිම ලේසී අපිට පෝන් එක කලින් රෝට් කරල සෙල්ලම් දාපු එකක් ද කියල හොයා ගන්න .. ඉන්න මන් ඒකත් ඉයල දෙන්නම් ....

 ඔය උඩ *** LOCKED ***    කියලා තියෙන්නේ පෝන් එකේ බූට්ලෝඩර් එක ...  HTC පෝන් එකක් රූට් කරන්න නම් අනිවර්‍යයෙන් ම බූට්ලොඩෙර් එක අන්ලොක් කරන්න ඕනේ .... ඉතින් ඔතන *** LOCKED ***  කියන එක වෙනුවට *** UNLOCKED ***  කියලා තිබුනා කියන්නේ බූට්ලෝඩර් එක ගොඩක් වෙලාවට අන්ලොක් කරල තියනවා කියන එකයි ...හැබැයි  One M සීරියස් එකේ පෝන් වල එනවා Developer Edition කියලා එකක් ඒකේ නම් කොහොමත් එද්දිම bootloader අන්ලොක් කරලා එන්නෙ ... 



   

ඊට යටින් තියනවනෙ ඔය  M7_UL PVT SHIP S-ON RH  එකක් ... එකෙන්  කියවෙන්නේ මේකයි ...
M7 = පෝන් එකේ කෝඩ් නේම් එක
UL = පෝන් එකේ වර්ශන් එක ... UL කියල තියනවා කියන්නෙ ඒක ඒකේ international වර්ශන් එක ...ඒක වර්ශන් එකෙන් වර්ශන් එකට එනස් එන්න පුලුවන් ..
S-On = phone එකේ බූට්ලෝඩර් සිකියුරුටි සිස්ටම් එක ඔන් එකේ තියනවා කියන එක .. ඔතන  S-OFF කියල තිබ්බා කියන්න සිකියුරිටි එක ඕෆ් කරල කියල තියන එකයි .. ඒක S-OFF කියල නම් තියෙන්නෙ ඔයා ඒ පෝන් එක ගන්න නම් ගියේ ඒ පෝන් එක ගන්න එපා ...ඒක S-OFF කියල තියනව කියන්නෙ අනිවර්‍යයෙන් ම පෝ එක රෝට් කරල පිස්සුම නටල තියනවා කියන එක .. ඒක නිස පෝන් එක ගන්න යනවනම් ඒක ගන්න එපා ...


ඔය bootloader unlocked , s off කියල තියන හැම පෝන් එකක් ම යතා තත්වයට ගන්න පුලුවන් ... මන් ඒක කොහොමද කරන්නෙ කියල පෝස්ට් එකක් ඉදිරියේදී දාන්නම් ....

එහෙනම් මන් ගියා ...ඔයාලට මේක උදව්වක් උනා නම් කොමෙන්ට්යිවක් දාලම යන්න ..
පුලුවන්නම් ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා ..


Sunday, March 6, 2016

අපේ Android ඇප් එක ගන්න.....

හායි යාලුවනේ.....කොහොමද ඉතින්......?
ඔන්න ඉතින් බ්ලොග් එකේ page views 10000ත් පැන්න ඉතින්.
බොහොම සතුටුයි ඉතින්.මම ඔයාලගෙන් ඉල්ලන්නෙ පුලුවන් තරම් දන් නැති අයටත් කියල දෙන්න කියලයි.

ඉතින් ඔන්න මම ඔයාලට වැඩ ලේසි වෙන්න බ්ලොග් එකට ඇප් එකක් හැදුව.හොදද කියල බලන්න එහෙනම්
       
            මෙතනින් ගන්න

        මෙතනිනුත් පුලුවන්


අරන් බලන්න එහෙනම්.ඔන්න මම කැපුනා.බායි

             

Friday, March 4, 2016

The Dark Knight Rises








බැට්මෑන් ගැන දන්නේ නැති කෙනෙක් නෑනේ ඉතින්. මේ තියෙන්නේ බැට්මෑන් ගේම් එක. අලුත්ම එක නෙමෙයි. ඊට කලින් ආපු එක. අලුත්ම ගේම් එකත් මම දෙන්නම්කෝ!!!




APK මෙතනින් ගන්න




DATA PART 1 PART 2 PART 3 PART 4 PART 5 830MB


GTA : SAN ANDREAS

GTA : SAN ANDREAS














මේක ඔයාලා ගොඩක් ඉල්ලපු ගේම් එකක්. PC එකේ ගහපු GTA : SA වගේම තමයි මේකත්. ඒත් ෆෝන් එකේ ගහන කොට අමුතුම ලල් එකක් තියනවා. ගේම් එක නම් ටිකක් ලොකුයි. හැබැයි ගහලා බලන්න වටිනවා




APK මෙතනින් ගන්න




DATA PART 1 PART 2 PART 3 PART 4 PART 5 PART 6 PART 7 PART 8 PART 9




1.88

ඔනෑම Android දුරකතනයකින් Screenshot ගන්න.- Screenshot Ultimate Pro






අද මන් ඔයාලට ගෙනාවෙ ඕනෑම Android දුරකතනයකින් Screenshot ගන්න පුලුවන් App එකක්. නිකන් නෙවෙයි Pro app එක තමා ගෙනාවෙ. ඉතින් play store එකෙන් ගන්නවනම් $1.20 වෙන මේ App එක ඔයාලට මන් දෙන්නෙ සම්පූර්ණයෙන් නොමිලේ. ඉතින් ඔයාලත් use කරල බලන්නකෝ.






Download

Play Store එකේ සල්ලිවලට තියෙන Apps, සල්ලි නොදී නිකන් ගමුද....??? (Direct Download From Play Store For FREE)






මුලින්ම මේ App එක Download කරගන්න.


Download FreeStore

දැන් ඉතින් ඕක Download කරලා Install කරලා Open කරා කියලා වැඩක් වෙන්නේ නෑ......



ඔයා මුලින්ම කරන්න ඕනා Playstore Open කරගන්න එක



ඊට පස්සේ Paid Apps වලට ගිහිල්ලා ඔයාට ඕන App එක තෝරන්න.



දැන් ඒ Page එකේ තියෙන Share කියන එක Click කරන්න.



Share කරන App එක විදියට අපි කලින් Download කරලා Install කරපු FreeStore App එක දෙන්න.


දැන් ඒ App එකේ කොළ පාටට Download Button එක පෙන්නයි.දැන් ඒක Click කරලා Download කරගන්න.


ඔයා Download කරපු App එක phone එකේ Internal Memory එකේ MyApk කියන Folder එකේ ඇති

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක Google Play හි පළ කරන අයුරු

How to publish my app on Google Play?


ඔබ  සාදා ගන්නා ලද ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඔබේම නමින් Google Play Store හි පළ කළ හැක. ඒ සඳහා ඔබ කළ යුත්තේ නව Google Play ප්‍රකාශක ගිණුමක් (Publisher account) සාදා ගැනීමයි. නව Google Play ප්‍රකාශක ගිණුමක් සාදා ගන්නා අයුරු සහ ඔබේ ඇප් එක Google Play වෙත එක් කරන අයුරු මෙම ලිපිය මඟින් විස්තර කෙරේ.

මිල: Google Play ප්‍රකාශක ගිණුමක් සාදා ගැනීම සඳහා ඔබට $25 ක් වැය වේ. ඔබ එක් වරක් $25 ක් වැය කොට ප්‍රකාශක ගිණුමක් සාදා ගත් පසු එමඟින් ඔබට ඇප් ඕනෑම ගණනක් Google Play හි පළ කළ හැක.


පියවර 1 - Google Play ප්‍රකාශක ගිණුමක් තනා ගැනීම

1. https://play.google.com/apps/publish/signup/ වෙත ගොස් ඔබේ Gmail ලිපිනයෙන් ප්‍රවිෂ්ට වන්න.

2. පහත පිටුවේ "I agree..." යන්නට හරි ලකුණ යොදා "Continue to Payment" ක්ලික් කරන්න.



3. "Pay with:" යන්න තෝරා නව ක්‍රෙඩිට් කාඩ් පතක් එක් කිරීමට "Add a new payment method" තෝරන්න. මේ සඳහා ඔබට අන්තර්ජාල ගනුදෙනු සිදු කළ හැකි ඕනෑම කාඩ්පතක් (Webcard වැනි) එක් කළ හැක.



4. ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතේ තොරතුරු ඇතුළත් කර "Save & Continue" ක්ලික් කරන්න.


5. ඉන්පසු "Buy" ක්ලික් කරන්න.



6. ගිණුම සෑදීම සම්පූර්ණ කිරීමට ඔබේ ප්‍රකාශක තොරතුරු ඇතුළත් කරන්න. Developer name සඳහා ඔබේ ප්‍රකාශක නාමයත්, ඔබේ ඊමේල් ලිපිනය හා දුරකථන අංකයත් පිළිවෙළින් ඇතුළත් කර "Complete registration" ක්ලික් කරන්න.


දැන් ඔබ සාර්ථකව Google Play ප්‍රකාශක ගිණුමක් සාදා නිම කොට ඇත. මෙම ප්‍රකාශක ගිණුමෙන් දැන් ඔබට ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඕනෑම ගණනක් Google Play වෙත එක් කළ හැක.


පියවර 2 - ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක Google Play ‍හි පළ කරන්න

1. පහත පිටුවෙන් "Publish an Android App on Google Play" තෝරන්න.



2. ඔබේ ඇප් එකේ නම ඇතුළත් කර "Upload APK" ක්ලික් කරන්න.



3. පහත "Browse files" ක්ලික් කර ඔබ Appgenz වෙතින් සාදාගෙන බාගත කරගත් ඔබේ ඇප් එකේ APK ගොනුව තෝරන්න.



4. දැන් ඔබේ ඇප් එක පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න. පහත දැක්වෙන තොරතුරු අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතුයි.

  • Product Details: Title (ඇප් එකේ නම), Description (ඇප් එක ගැන විස්තරයක්)
  • Graphic Assets: Screenshots (ඔබේ ඇප් එකේ තිරපිටපත් 2 ක්), High-res Icon (512 x 512 විශාලත්වයෙන් ඔබේ ඇප් එකේ අයිකනය)
  • Categorization: Application type (ඇප් ‍එකේ වර්ගය), Category (කාණ්ඩය), Content rating (අන්තර්ගත ශ්‍රේණිගත කිරීම)
  • Contact Details: Website (වෙබ් අඩවිය), Email (ඊමේල් ලිපිනය)
  • Privacy Policy: Link (මෙය නොමැති නම් "Not submitting privacy policy" යන්නට හරි ලකුණ යොදන්න)
මෙම තොරතුරු ඇතුළත් කළ පසු පිටුවේ ඉහලින් ඇති "Save" යන්න ක්ලික් කරන්න.



5. ඉන්පසු "Pricing & Distribution" අංශයට ගොස් පහත දැක්වෙන දෑ අනිවාර්යයෙන් ඇතුළත් කරන්න.

  • Distribute in these countries: "Select all countries" යන්නට හරි ලකුණක් යොදන්න.
  • Consent: "Content guidelines" සහ "US export laws" යන්නටද හරි ලකුණු යොදන්න.
මෙම තොරතුරු ඇතුළත් කළ පසු පිටුවේ ඉහලින් ඇති "Save" යන්න ක්ලික් කරන්න.


6. දැන් පිටුවේ ඉහල දකුණු කෙළවරේ දිස්වන "Ready to publish" යන්න ක්ලික් කර එහි ඇති "Publish" යන්න ක්ලික් කරන්න.


සුභපැතුම්! ඔබේ ඇප් එක දැන් සාර්ථකව Google Play හි පළ වී ඇත. කෙසේනමුත් එය අනුමැතියෙන් පසු Google Play හි සැබැවින් දිස් වීමට පැය 2-4 ත් අතර කාලයක් ගත වේ. එම ඔබේ ඇප් එක Google Play වෙත එක් වී ඇත් දැයි තහවුරු කර ගැනීමට පැය කීපයකට පසු ඔබේ ඇප් එකේ නම Google Play හි යොදා සෙවුමක් කර බලන්න.